මෙම සිමා පනවා ඇත්තේ රටේ පවතින යුධ තත්වයක් නිසා හෝ හොරබඩු ඇල්ලීමට නොව මහජනතාව වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට බව මෙම ඔලමොට්ටල අහංකාර අසමජ්ජාති ඔළුගෙඩිවලට නොතේරීම කොතරම් කණගාටුදායකද? පොලිස් නිලධාරින් හෝ හමුදා නිලධාරින් මේ ස්ථානවල රදවා නීති පිළිපදින ලෙස ඇගිල්ලෙන් ඇණ ඇණ කිව යුතුද? එසේ නැත්නම් එය මහජනතාවගේ වගකීමක් නොවන්නේද, පොලිසියේ හමුදාවේ ඉන්නේ ඔබේ අපේ සහොදර සහොදරයින්, දරුවන් නොවන්නේද ඔවුන්ද මනුෂ්‍යයන් නොවන්නේද? ඔවුන් කොරෝනා හැදෙන්නේ නැද්ද. මේවා වරක් දෙවරක් නොව කීපවරක්ම සිතා බැලිය යුතු කාරණාය.
අප කථා කරන ප්‍රදේශයේ කුමන ස්ථානයක සිටියත්
තමන්ගේ බෙහෙත් ටික නිවසටම ගෙනගොස් දීමට අපේ පාමසි මහත්වරු පිරිස සූදානම්ය. පසුගිය 25 දින ඔවුන් ඒ සදහා
කිසිදු ප්‍රවාහන ගාස්තුවක්ද අයකළේ නැත. මුදල බැංකු කාඩ් සහ ගිණුමට මුදල් මාරු
කිරීම වැනි තුන් ආකාරයෙන්ම එතුමන්ලාගේ සේවය සපයා තිබුණි. තවද පවත්නා සුපිරි
වෙළදසැල් ජාලය මගින් නිවසටම බඩු ගෙනවිත් දෙන්නේ ඉතා සුළු ප්‍රවාහන ගාස්තුවක් අය කිරීමෙනි. ඔන් ලයින් මාළු වෙළද මහන්තුරුද
වත්තල ඇත. දන්නා පරිදි ඔවුන්ද ප්‍රවාහන ගාස්තු අය නොකරයි. එහෙත් මේවාට
අතේ මුදල් පමණක් තිබිලා මදිය. බැංකු ගිණුමක් බැංකු කාඩ් එකක් තිබීමද ප්‍රමාණයත්ය.
පුදුමය වන්න් ලක්ෂගණන් වටිනා වාහන පාවිච්චි කරන අය මෙම පහසුකම් ප්‍රයෝජනයට ගැනීම
අතපසුකර තම වාහනවලින් වෙළදපොලවල් කරා ඇදීමය. මොවුන්ට ඉහත පහසුකම් නැද්ද එසේ
නැත්නම් ඒ ගැන දන්නේ නැද්ද, දන්න එකෙක් ගෙදර නැද්ද යන කාරණා ප්‍රශ්නාර්ථතයන්ය.
මොවුන් කුණු කොල්ලයට කුණුබඩු සෙව්වාද නොදනිමි.
තවත් කාරණාවක් වන්නේ ජනමාධ්‍ය හරහා පංපෝරි
ගසමින් නිවසටම බඩු ගෙනවිත් දෙන බවට මුසාවාද දෙසාබාන ආයතනයක් නිසා මහජනතාව අතර ඔන්
ලයින් ගැන විශ්වාෂය පළුදු වීමද විය හැක.
බැංකු ගිණුමකුත් නැති අතේ ලොකු මුදලකුත් නැති ඔන් ලයින් ගැන නොදන්නා අහිංසක මිනිසුන් වත්තලද සිටිය හැක. එම අයට සංවරණ සීමා
ලිහිල් කිරීමේ වාසිය ලබා දී ඇති හැකි වුන්ට ගෙදරට වී රටේ නීතියද ආරක්ෂා කරමින්
විනය ගරුක පුද්ගලයින් ලෙස ගෙදරට වී සිටීමට ඕනෑතරම් අවස්ථාව තිබුණි.ඔවුන් මෙම
අවස්ථාව, තමන්ගේ යුතුකම, තමන්ගේ වගකීම පැහැර හැරීම තුළ තවත් අහිංසකයන් වල පල්ලට
තල්ලුකර දැමීමට උත්සාහ කිරීම මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාවක් තරමටම බරපතලය. මෙවනි
පොදිගැසීම් තුළ ආසාධනයට පත්වන අහිංසක මිනිසුන්ට යන එන මං නැත. රෝහල් වල ඉඩ නැත.
හෝටල් කාමර වෙන්කරගත නොහැක. මේ එක් පැත්තකි. තවත් පැත්තක් වන්නේ වසංගතය දිග්ගැසීම
නිසා අනෙකුත් රෝගවලින් පෙළෙන අයට එම රෝග උත්සන්න වීමන් මරණය වැලද ගැනීමට සිදුවීමය.
හදිසියේ ඇතිවන අසනීපයකදී මෙන්ම හදිසි අනතුරකදීත් සිදු වන්නේද මේ ටිකමය මේ
සියල්ලන්ටම වඩා අනිටු ප්‍රතිඵලය වන්නේ එදා වේල සොයාගන්නා අසරණ දරුපවුල්වලට කෑමක් බීමක්
නැති වීමය.
පාට පාට කණ්නාඩි දමාගෙන වසංගතය ගජ වාසියක්
කර ගැනීමට තැත් කරන නම්බුකාර මහත්වරුන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ රට ගැනත්
රටේ ජීවත් වන අහිංසක මිනිසුන් ගැනත් සිතන ලෙසය.තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගත යුතුය
යන අදහස කාතුළ වුවත් ඒකටවත් ඉඩ නොදෙන අසංවර මිනිසුන් හෙලා දැකිය යුතු කාලය එළඹ ඇත.
මෙම කාරණාාවට වත්තල යොදාගත්තේ වත්තල පමණක් මෙවැනි දේ සිදුවූ නිසා නොව. නියදියක් වශයෙන් පමණි. රටේ අනෙත් තැන්වල තත්වයන් මීටත් අන්ත බව ජනමාධ්‍යෙයන් දැනගතිමි. එබැවින් වත්තල අපේ මිනිසුන්ට අමනාපවීමට කාරණාවක් නැත. හිත රිදුනානම් සමාවන සේක්වා.
නැවත හමුවෙමු. සැමට සුවසෙත ආයුබෝවන්
No comments:
Post a Comment