අද කථාව ස්ථාවර තැංපතු සදහා බැංකුවලින් ගෙවනු ලබන පේව්මන්ට් පොලි අනුපාතය ගැනයි.
ස්ථාවර තැංපතු විවිධ බැංකු විවිධ පොලි
අනුපාත ගෙවනු ලබයි. බොහෝ විට එකම බැංකුව එකම මුදල් ප්රමාණය සදහා ගනු දෙනු කරුවන්
දෙදෙනෙකුට ගෙවන පොලී අනුපාතද වෙනස් වේ. මෙලෙස පොලී අනුපාතතයන් වෙනස් වෙන්නේ
ගනුදෙනු කරුවන් විසින් කරනු ලබන කේවල් කිරීම් වලට අනුවය. ලංකාවේ තැංපතු කරුවන්
අතරින් විශාල ප්රමාණයක් ජ්යෙෂ්ඨ පුරවැසියන් වේ. මොවුන් තම ජීවිත කාලය තුළම කුමන
ආකාරවලින් හෝ උපයා ගත් මුදලක් ස්ථාවර තැංපතුවක දමා ලැබෙන සොච්චම් පොලියෙන් ජීවත්
වෙති. මෙම ගිණුම් හිමියන්ගෙන් බොහෝ අයට බැංකුවල වත්මන් ක්රියාකාරිත්වය ගැන
අවබෝධයක් නැත. බැංකු කරුවා කියන කුමන පොලියකට හෝ ඔවුන්ගේ මුදල් තැංපත් කරති. මේ
අවස්ථාවේදි බැංකු ලබා දෙන්නේ ඔවුනට ලබා දිය හැකි පොලිය නොව ඊට අඩු පොලියකි. කේවල්
කිරිමට අවබෝධයක් නොමැති අසරණ තැංපත් කරුවා එයින් සැනසීමට පත්වෙති. බැංකු කරුවන් සිත්පිත් නොමැති ලෙස ගසා කන්නේ මේ
අසරණයන් සතු මුදල්ය. මෙය මංකොල්ලාකෑමක් හා
සමාන අපරාධයකි.
රජය විසින් ජ්යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක්
වශයෙන් මීට ටික කලකට පෙර ලක්ෂ 10 ක තැංපතු මුදලක් සදහා 11.56 ක පොලී මුදලක් ගෙවීමට
කටයුතු කරන ලදී. දැන් එම ව්යාපෘතිය අවසන්ව ඇති අතර තැංපතු කරුවන්ට දැන්වීමක්
නොකරම සියයට 7.25 ක පොලිය
මත අලුත් කර ඇත. මෙම තැන්පත්වලට පමණක්
වෙනත් ස්ථාවර තැන්පතු සදහාද කේවල් කිරීම මත වැඩි පොලියක් ලබා ගත හැක. අද රාජ්ය
බැංකුවල කේවල් කිරීමේ ක්රමය අනුව 9.5 දක්වා පොලි අනුපාත ලබාගත හැක. පුද්ගලික
බැංකු මෙයටත් වැඩි පොලි අනුපාතයක් තැංපත් කරුවන්ට ලබාදෙයි. මෙම ක්රමවේදය තුළ
අසාධාරණයට ලක් වන්නේ කිසිවක් කර කියාගත නොහැකි අන්ත අසරණ තත්වයට පත්ව ඇති ජ්යෙෂ්ඨ
පුරවැසියන්ය.
එබැවින් මෙම කේවල් කිරීමේ පේව්මන්ට් ක්රමය
වෙනුවට සැමටම පොදු උපරිම ස්ථාවර පොලි අනුපාතයක් ලබා දීමට බලධාරින්ගේ අනුකම්පාව සහ
අවධානය යොමු වෙත්වා ! ...
