Thursday, 28 May 2020




අද දින (2020.05.28) රාගම ශික්ෂණ රෝහලේ රෝගියෙකු බැලීමට ගියෙමි.වේලාව පස්වරු 12.50 ට පමණ ඇත.එක්තරා ගේට්ටුවකින් අමුත්තන් ඇතුල් කරයි.ආරක්ෂක නිලධාරින් 10 ක පමණ පිරිසක් අමුත්තන් පරික්ෂා කරයි. පොලිස් නිලධාරින් දෙදෙනෙක්ද සිටී. අවසරපත පරික්ෂා කිරීමෙන් පසු එක් ආරක්ෂක නිලධාරිතෙයෙකු විසින් එක් එක් පුද්ගලයා පරික්ෂා කරයි.එක් එක් පුද්ගලයාගේ කිහිලි දෙකේ සිට දනහිස දක්වා අතගාමින් පරික්ෂා කරයි. පරික්ෂාකරන නිලධාරියා සහ අමුත්තා අතර දුර අඩියකට ආසන්න ප්‍රමාණයකි. මාවද මෙසේ පරික්ෂා කළ පසු එසේ පරික්ෂා කිරීම සුදුසු නැති බවත් එය නිරෝධායන නීති රීති වලට පටහැණි බවත් මා විසින් පවසන ලදී.  එවිට නිලධාරි තුමා උරණ විය. මට බැණවදින ලදී. එයිනුත් නොනැවතුනු ඔහු මා පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කරන ලදී. මා විසින් පවසන ලද්දේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් පුද්ගලික ආරක්ෂාවෙ අයිතියත් මා සතු බවයි. පොලිස් නිලධාරින්ගේ හැසිරීම සහ ක්‍රියා කලාපය ඉතා බුද්ධිමත් විය. මම මගේ ප්‍රණාමය එම නිලධාරින් දෙදෙනාට පුද කරමි. පොලිස් නිලධාරින් දෙදෙන එසේ නොවුනානම් රාජකාරියට බාධා කළාය කියා මේ අවස්ථාව වන විටත් මා අත් අඩංගුවට ගැනීමට ඉඩ තිබුණි. ආරක්ෂක නිලධාරි තුමාද රාජකාරි කර ඇත්තේ එතුමාට ලද උපදෙස් පරිදිද යන්න නොදනිමි.
මෙහිදී පහත සඳහන් ගැටළු පැන නගින්නේ මට විතරක්ද යන්න මට සිතේ.

  • ·         පරික්ෂක නිලධාරියා සහ අමුත්තා අතර මීටරයක දුර නොමැති වීම.
  • ·         එක් නිලධාරියෙකු අමුත්තන් විශාල සංඛ්‍යාවක් පරික්ෂා කිරීමේදී එක් අයෙකුට හෝ පවතින කුමන        හෝ ආසාධනයක් අනෙක් අයදට වැලදිය හැකි වීම.
  • ·      පොදු ප්‍රවාහන සේවයක පැමිණෙන පුද්ගලයෙකුට ඇති අවධානම පුද්ගලික වාහනයක පැමිණි           අයෙකුටද ඇතිවීම.
  • ·    අතගා බැලීමෙන් ආරක්ෂක නිලධාරින් සොයන්නේ මොනවාද යන්න. අවි ආයුධ ගෙනයාමක්     සිදුවන්නේ නම් එය සිදුවන්නේ අමුත්තන් බලන කාලවේලවේ පමණක්ද යන්න.(අමුත්තන් බලන         වේලාවෙන් පසු මෙම ක්‍රියාවලිය සිදු නොවේ)
  • ·         වසංගත තත්වය යටතේ යම් පරික්ෂණයක් කරන්නේ නම් ඊට අදාල උෂ්ණත්ව මාපක වැනි උපකරණ    භාවිතා කළ යුතු වීම.
  • ·         රටේ හදිසි නීතියක් නොව නිරෝධායන නීතියක් පවතින බව අමතක කර තිබීම.
  • ·         මහජනතාවට අවිනීතව කථා කිරීමට රෝහලක ආරක්ෂක නිලධාරියෙකුට අයිතියක් තිබේද යන්න.
  • ·       අනවශ්‍ය පරික්ෂා කිරීම් තුළ යම් අයකුගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතියට අභියෝග කිරීමට යමෙකුට   හැකියාවක් තිබේද යන්න.
  • ·        අතගා බැලීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ කුමන ප්‍රතිපාදන යටතේද යන්න.

2 comments:

  1. ඔබ මේ පිළිබද රෝහල් අධ්‍යක්ෂකවරයා හො ්වෙනත් නිලධාරියකු දැනුවත් කලේද?

    ReplyDelete
  2. නැත. දැනට එලෙස පරීක්ෂා කිරීමක් සිදුනොවන බවයි පෙනී යන්නේ.

    ReplyDelete

බැංකු පොලියට අරියාදුවක්.....

  ඔන්න තවත් මරාලයක් පාත්වෙලා. බැංකුවෙ තියෙන තැන්පත් වලට ලැබෙන පොලියෙන් සියයට දහයක් රදවා ගැනීම් බද්ද කපනවලු. හැබැයි තමාගේ මාසික ආදායම රුපියල්...