Saturday, 19 July 2025

අහිංසකයන් අන්දවන ප්‍රතිපත්තයක් නැති බැංකු පොලී අනුපාත


 අහිංසකයන් අන්දවන ප්‍රතිපත්තියක් නැති බැංකු පොලී අනුපාත

යමක් කමක් කර ගැනීමට හයිය හත්තිය ඇති එකා තමා සතුව යම් මුදලක් වේ නම් එම මුදල කුමන හෝ ව්‍යාපාරයක යොදවා මුදලක් උපයා ගනී. හයිය හත්තිය නැති වියපත් අසරණයින් ජීවිත කාලය තුළම දුෂ්කර ක්‍රියාවන් කරමින් ඉනට වැරහැලි අදිමින්, ගතට කුමක් හෝ සොච්චමක් ගිල දමා රජයට හෝ වෙනත් එහෙකුට කඹුරමින් ඉතිරි කරගත් මුදල බැංකුවක දමා ලැබෙන මුදලින් දිවි ගෙවති. මෙවැන්න් බොහෝ විට වයෝ වෘධ පුද්ගලයන්ය.

නුඹලාගේ වාරය ඇවිල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා කිව්වාට මොවුන්ට නැගිට ගන්නට හයිය හත්තියක් නැත.කොකාගේ වාරයේදි ලක්ෂ පහළවක් දක්වා ලබා දුන් පොලියද දැන් නැත.ඒත් ලක්ෂ දහයක් දක්වා තැංපතුවකට වෙළදපොළේ පොලියට වඩා වැඩි පොලියක් ලබා දීම තිත්තයාගේ වාරයේ සාධනීය පියවරකි. ඒකත් ලැබෙන්නේ ජ්‍යෙෂ්ළු පුරවැසියන්ට පමණි.

ස්ථාවර තැංපතු සදහා ස්ථාවර පොලී ප්‍රතිපත්තයක් රාජ්‍ය බැංකු තළ නැත. පුද්ගලික බැංකු තම ව්‍යාපාර ප්‍රවර්ධනය සදහා කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළද ප්‍රශ්නයක් නැත.එහෙත් රාජ්‍ය බැංකු එවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීම රජයකින් මහජනයාට ලැබෙන සේවයට අවමානයකි.බොහෝ විට ගෙවන පොලිය තීරණය කරන්නේ කළමණාකරුවන්ගේ අභිමතය මතය.‍ ඔවුන් විසින් මයිමෑන් සිස්ටම් එක දරුණු ලෙසටම අනුගමනය කරති.කොටින්ම එය මාළු කඩේ වෙළදාමට සමානය.ඒත් මාළුකඩවලත් දැන් එවැනි පහත්පෙළේ වෙළදදාම් නැත. පේව්මන්ට් වලනම් තව දුරටත් එවැනි වෙළදාම් දැකිය හැකිය. කේවල් කිරීම සිදුවන්නේ ඔවුනට ඇති හිතවත් කම් මතය. හිතවත් කමක් නැති.යමක් කරකියාගත නොහැකි, යමක් නොතේරෙන රූප ශම්පතික් නැති, ආකර්ශණීය පෙනුමක් නැති අහිංසකයාට වෙනම ප්‍රතිපත්තයකි. කල්පිරීමක් අවසානයේදි බැංකුවට ගොස් කේවල් කීරීමක් නොකොළොත් ඉතාමත් අඩු පොලියකට තැංපතු අලුත් කරයි. බොහෝ වයොවෘධ පුද්ගලයින්ට මේවා ගැන අවබෝධයක් නැත. ඔවුන් ලැබෙන දෙයකින් සතුටට පත්වන්නේ වෙනත් කරකියාගත හැකි දෙයක් නැති නිසාය.

කළමණාකරුවන්ගේ කාර්යය සාධනය වැඩි දියුණු කර ගැනීමවට හෝ තම ශාඛාව හෝ බැංකුව ප්‍රමෝට් කර ගැනීමට හෝ මෙවැනි බල තල ලබාදී අසරණයින් ගොනාට ඇන්දවීමකි. ඔවුන්ගො කාර්යය සාධනය වැඩි දියුණු කර ගැනීමට හෝ බැංකුව ප්‍රමෝට් කර ගැනීමට හෝ අනුගමන කළහැකි ක්‍රම තවත් ඕනෑ තරම් ඇත. බොහෝ බැංක සේවකයන් බුම්මන්නන්ය. මූණවල් වල ප්‍රියමනාප බවක් නැත. ගනුදෙනු කරුවන් තුට්ටුවකටවත් ගනන් නොගනී. තමාගේ එකාට පෝලිමටත් ඉහළින් වැඩේ කර දෙති. තමාට වැඩක් ඇති එකෙක් ආවිට තවදුරටත් සේවය අපේක්ෂිතව රැදී සිටිනවුන්ව නොසළකා හරිමින් වල්පල්ද දොඩමමින් කාලය ගෙවති. අසරණයෙක් ආ විට මාරම බිසිය. එහෙන් මෙහෙන් මොකක් හෝ කියා ඔහුව පන්නා ගැනීමට බොරුවට හෝ දුරකථනය උස්සා ගනිති.අහංකාරකම් උද්දච්ච කම් බිමට දමා ගනුදෙනුකරුවන්ට සාධාරණ ලෙස ලෙන්ගතුව ප්‍රියමනාපව සළකන්නේ නම් තම කාර්යය සාධනයට වෙනත් යමක් අවශ්‍ය වන්නේ නැත. තනතුරු ඔටුන්නක් නොවන බව විශ්‍රාම ගිය උන්දෙසවත් බලා මේ අය පාඩමක් ඉගෙන ගත යුතුය.තොප්පිය හැම කෙනාටම පිට් නැත. පිට්වන කෙනෙක් තොප්පිය දමාගත්තාට අමනාපයක් නැත. මල් මිටක් තබා උපහාර කළයුත නෝනා මහත්වරුන්ද එමට ඇත. ඒ අයට මෙම අදහස් අදාල නොවේ.  සිත් සනසා ගත යුත්තේ තම තමන්ගේ හෘද සාක්ෂිය මතය.

විචල්‍ය නොවන ස්ථාවර පොලී අනුපාතිකයක් සෑම බැංකුවකින්ම ගෙවන්නේනම්  අසරණයින් ගොනාට ඇන්දවීම හෝ මයිමෑන් සිස්ටම් එක නවතා දැමිය හැකිය. සාධාරණ ජනතා රජයකින් අපෙක්ෂා කරන්නේ එයයි.රජයට මේ සදහා කිසිදු වැය බරක් නැත. අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය තීරණයක් පමණි. කොටින්ම බැංකු භාෂාවෙන් කියනවානම් කළමණාකරුවන්ට දී ඇති ප්ලේ එක අවසන් කිරීම පමණි. මහ බැංකුව සීයා විසින් ස්වාධීන කළ නිසා මෙව්වා කරන්න බැහැ කියමින් මැසිවිලි නගන්නේනම් තුනේන් දෙකක බලයක් සහිත  ආණ්ඩු මොකටද අප්පා කියා හිතහදාගන්න අමාරුවෙන් හෝ ජීවත් වීමට අහිංසකයන්ට සිදුවනු ඇත.

 

 

No comments:

Post a Comment

අහිංසකයන් අන්දවන ප්‍රතිපත්තයක් නැති බැංකු පොලී අනුපාත

  අහිංසකයන් අන්දවන ප්‍රතිපත්තියක් නැති බැංකු පොලී අනුපාත යමක් කමක් කර ගැනීමට හයිය හත්තිය ඇති එකා තමා සතුව යම් මුදලක් වේ නම් එම මුදල කුමන හ...