Tuesday, 12 December 2017

මොරගහකන්දෙන් නාගන්න. නාන ඇදුම් අවශ්‍ය නැත‍

මොරගහකන්දෙන් නාගන්න. නාන ඇදුම් අවශ්‍ය නැත‍

අගනුවරට ආසන්න පෙදෙසක සිට 2017.11.16 වෙනි දින 50 ක පමණ පිරිසක් මොරගහකන්ද නැරඹීමට ගියෙමු. බොහෝ දෙනාගේ ඉල්ලීම පිට මෙම චාරිකාව සංවිධානය කරන ලද්දේ රටේ සංවර්ධනය සියසින් දැක ගැනීමේ අපෙක්ෂාව පෙරදැරි කරගෙන වන අතර මෙම චාරිකාවට වැඩිහිටියන් 50 ක පමණ පිරිසක් සහභාගි විය.

චාරිකාව යොදාගත්  දිනට දින කීපයකට පෙර ඊමේල් හරහා අවසර ලබාගක් අතර මේ සඳහා ඉතාමත් කාරුණික නිලධාරිණියක් සම්බන්ධ විය සදාචාරාත්මක නොවන බැවින් ඇයගේ නම සඳහන් නොකරන මුත් ඇය සන්ධ්‍යා සමය සමග නිරතුරු සම්බන්ධයක් ඇත්තියක් බව දැන ගතිමි.

මෙදින දහවල අප මොරගහකන්දට ලගා වූ අතර මෙම අවස්ථාවේදි කාර්යාලයට ඇතුළුවන ප්‍රධාන දොරටුව වසා තීබුණි. මේ  පිළිබද විමසීමේදි දැනගැනීමට ලැබුණේ පසුපස ගේට්ටුවෙන් ඇතුළු විය හැකි බවයි. පසුපස ගේට්ටුවට ආසන්නයේ බස් රථය නැවැත්වූ අතර එතැන සිට කාර්යාලය දක්වා සෑහෙන දුරක් පයින් යා යුතු විය. මෙය සෑහෙන දුරක් ලෙස සදහන් කරන ලද්දේ බස් රථයේ සිටි පුද්ගලයින්ගේ වයස් සීමාව අනුව කෙටි දුරක් වුවද සෑහෙන දුරක් බැවිනි. මේ අවස්ථාවේදි අප දෙතුන් දෙනෙක් කාර්යාලයට ගිය අතර ජලාශය නැරඹීම සදහා අවසර පත්‍රයක් ඉල්ලා සිටියෙමු.  අප කලින් සම්බන්ධගරගත් සන්ධ්‍ය සමයට ලන් නොවූ නිලධාරිණියද එහි විය.මොවුන් ඒකාන්තයෙන්ම දන්වා සිටියේ ජලාශය නැරඹීමට පෙර පැවැත්වෙන දේශනය සදහා කණ්ඩායම කාර්යාලයට කැදවාගෙන එන ලෙසයි. මේ අවස්ථාවේදි අප ඉල්ලා සිටියේ අප සමග සිටින්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසක් බැවින් කාර්යාලය දක්වා ගමන් කිරීමත් එතැනින් ජලාශය දක්වා ගමන් කිරීමත් අපහසු බැවින් ජලාශය නැරඹීමට පමණක් අවස්ථාව ලබා දෙන ලෙසයි.ඇත්ත වශයෙන්ම මෙම පිරිසට දේශන වලට සහභාගි වීමට අවශ්‍යතාවත් නොවීය. මෙම වයසට පත්වන බොහෝ දෙනෙකු සතුටු වන්නේ යමක් නැරඹිමෙන් පමණි. තවද ඔවුන් මෙරට සංවර්ධන ව්‍යාපාරයන් පිළිබද යම් යම් ආකරයෙන් දැනුවත් වූවන්ද විය. මෙම පිරිස අතර විදුහල්පති වරුන්,. රජයේ මාණ්ඩලික නිලධාරින්, ගුරුවරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානින් වශයෙන් කටයුතු කළ පුද්ගලයයින්ද  මාධ්‍ය වේදින්ද,  සංචාරක කේෂ්ත්‍රයට සමබන්ධ පුද්ගලයින්ද ව්‍යාපාරික මහතුන්ද විය.

මෙම කාර්යාලයේ මෙදින සේවයේ යෙදී සිටි එක් නිලධාරියෙක් ඉතාමත් අසාමාන්‍ය ලෙස හැසිරෙමින් දේශනයට සහභාගි නොවන්නේනම් ජලාශය නැරඹිමට යාමට නොදෙන බව ප්‍රකාශ කරන ලදී. මෙම අවස්ථාවේදි අප ඉතාමත් කාරුණිකව ජලාශය නැරඹිමට පමණක් අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් ඔහු ප්‍රකාශ කරන ලද්දේ අප කිසිවක් නොදන්නා බවත් කිසිදු අවස්ථාවක දේශනයට සහභාගි වීමෙන් තොරව ජලාශය දක්වා ගමන් කිරීමට ඉඩ නොදෙන බවත්ය. යමෙකුගේ දැනුම පිළිබද අදහසක් ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නොවන බව නොදන්නා පුද්ගලයෙකු විසින් දේශන පැවැත්ව‍්ම කොතරම් ප්‍රායෝගිකද යන්න ප්‍රශ්ණයකි. අඩුම තරමින් කාර්යාලයට පිවිසෙන ප්‍රධාන දොරටුව වසා ඇති බවවත් ඔහු විසින් පිළිනොගන්නා ලදි තවත් නිලධාරියෙක් පවසා සිටියේ එදින ගේට්ටුව වසා ඇති බවයි

මෙවිට අප දක්වා සිටියේ 2017.03.26 දින අප සහභාගිවූ චාරිකාවකදී මෙම ස්ථානයට පැමිණි බවත් එදින දේශන පැවැත්වීමට කිසිවෙක් නොසිටි බැවින් මාරි බිස්කට් පැකැට්ටුවක් සහ පොත් පිංචක් ලබාදී අප ජලාශයේ බැම්ම දක්වා යවන ලද බවත්ය. මෙහිදී ඔහු විසින් ඉතාමත් අශෝභන ලෙස ප්‍රකාශ කරන ලද්දේ එවැන්නක් කිසිසේත් නොවන බවත් අප බොරු කියන බවත්ය. මෙම අවස්ථාවේදි එදින පැමිණි 08 දෙනෙකුද අද දින පැමිණ සිටින බවත් අප කිසි සේත්ම බොරු කියන පිරිසක් නොවන බවත්  අප විසින් ප්‍රකාශ කරන ලද අතර ඔහු විසින් දිගින් දිගටම අප බොරු කියන බව ප්‍රකාශ කරමින්  චෝදනා කරන ලදී. පසුව ඔහු බස් රථය දක්වාම   පැමිණ  එහි සිටි පිරිසක් දේශනය සදහා ගෙන යාමට උත්සාහ දරා ඇත. මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය කොතරම් ගොරෝසුද යත් අප ජලාශය නැරඹිමෙන් තොරව ආපසු ආවෙමු. අඩුම තරමින් අපගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට තරම් වගකිව යුතු නිලධාරියෙකු එම ස්ථානයේ නොවීය

මෙම චාරිකාව සදහා ආසන 51 ක අධි සුඛෝපභෝගි බස් රථයක් යොදාගත් අතර බස් රථය සදහා  රැපියල් 900000 ක මුදලක් ගෙවන ලදී. මෙම නිලධාරියාගේ පහත් ක්‍රියා කලාපය නිසා අපගේ වියදම කාලය සහ ශ්‍රමය අපතේ ගිය අතර. අදාල බලධාරින්ගේත් මහජනතාවගේත් දැනුවත් වීම සදහා මෙම සටහන තබමි. මෙ මහජනතාවගේ බදු මුදලින් යැපෙන නිලධාරින් බදු ගෙවන ජනතාවට සළකන හැටිය මෙලෙස ඔළුව ඉදුමුණු නිලධාරින්ට නිසි මහජන සබ්බන්ධතාවක් පවත්වාගෙන යා හැකිද ඇත්තටම මොවුන් ප්‍රායෝගික මිනිසුන් නොවේ.


අපේ රටේ හැම එකාම අහිංසක මහ ජනතාව අන්දවන විට මොරගහකන්දේ උන්දැලා අන්දලා පමණක් නොව ඇදගෙන නෑමටද මහජනතාව පොළඹවති මොරගහකනන්ද බලන්ඩ යාමත් ඇදුම් නැතිව නා ගැනීමකි ඒ බලන්ඩ තරම් රෙද්දක් පෙන්වීමට ඔවුන්ට නැති බැවිනි මොරගහකන්ද ව්‍යාපෘතිය වෙනම එකකි මෙතැන්ට වී නිකම්ම කාලය කමින් පඩිකන උන්දැලෑ මොක්කුන්ද යන්න අපට සිතේ......

No comments:

Post a Comment

බැංකු පොලියට අරියාදුවක්.....

  ඔන්න තවත් මරාලයක් පාත්වෙලා. බැංකුවෙ තියෙන තැන්පත් වලට ලැබෙන පොලියෙන් සියයට දහයක් රදවා ගැනීම් බද්ද කපනවලු. හැබැයි තමාගේ මාසික ආදායම රුපියල්...