Thursday, 6 May 2021

බුලත්විටේ සැගවුණ කොවිඩ් මාරයා........


 

        බුලත් සහ සිංහලයා අතර ඇත්තේ පුදුමාකාර සම්බන්ධයකි.මංගල මෙන්ම අවමංගල අවස්ථාවන්වලදීද පෙරට එන්නේ බුලත්ය.සිංහලායට පමණක් නොව දෙමලාටද බුලත නැතිවම බැරිය. පංසලේ කෝවිලේ වෙදකමේ ගුරුකමේ බුලතට ඇත්තේ අසිමීත සම්බන්ධතාවකි.නැතිවම බැරි බුලත අද තවත් මරාලයකි.එයද නිකම්ම මරාලයක් නොව මාර මරාලයකි. එසේකියන්නේ නැතිවම බැරි බුලත මිනිසුන්ගේ දිවි තොරකර දැමීමට කුමන හෝ දායකත්වයක් දරණ නිසාවෙනි. ඉස්සර බුලතින් ඇතිවන්නේ පිළිකා පමණි. ඒත් කලාතුරකිනි. දැන් බුලත් කොරෝනා මාරයාගේද ගජ මිතුරෙකි.


        බුලත්විට කඩ මෙන්ම ගමේ කඩේද බුලත්විට ඇත. ඉස්සර කඩේ මුදලාලිද බුලත් පුවක් හුණු දුංකල ගෙනවිත් බුලත්විට සාදා වික්කේය. දැන් එසේ නැත කවුරුන් හෝ හදාගෙනවිත් බුලත්විට කඩවලට දමති. බුලත්විට හදන එකාට මෙලෝ නීතියක් නැත. සෞක්‍ය වත්පිළිවෙත් නැත. බොහෝ අය ගෝනි පඩංගුවක් එළා ඒ මත සිට බුලත්විට සදති. මේ ඇසින් දුටු දේවල්ය.

        මෙසේ හදන බුලත් කඩවලට බෙදා හරිති. බොහෝ විට බුලත්විට ඔතන්නේ භාගයක් එළියට සිටින සේ පුංචි කොල කෑල්ලකය. බුලත්විටක් ඉල්ලූ විට මුදලාලිලා බුලත්විට ඔහුගේ කවුන්ටරය මතට දමති. මුදල් දීපු අතින්ම, ඉතුරු සල්ලි ගත්ත අතින්ම බුලත්විට ඉල්ලපු එකාලා එතන සිටගෙනම බුලත්විට ලිහා කන්ඩ පටන් ගනී. බොහෝ විට පුවක් කෑල්ල කපා කඩේ මිදලටම කෙළ ගසති. බුලත්විට කන්නේ තම්බලා නොව, විෂබීජ හරණය කර නොව අමුවෙනි. කොවිඩ මිතුරාද මෙම බුලත්විට සමග අත්වැල් බැදගෙන ඇත.

        බුලත් කාපු එකා කරන්නේ පාර පුරා කෙළ ගසමින් යාමය. ඌට කොවිඩ්නම් ඒ කෙළවලින් කොවිඩ් සෑදිමට බැරි කමක් නැත. බස් එකක කෝච්චියක ගියත් හපේ කටේය. අවස්ථාවක් ලද විට කටේ ඇති කෙළ තලිය පාරට මුදා හරිති. එය කාගේ ඇගට වැටෙනාවද යන්න ගැන ඌට වගේ වගක් නැත. මෙ ලියන එකාද හොද බුලත් කෙළ පාරක් යතුරුපැදියෙන් බස් රථයක් ආසන්නයෙන් යන විට කාපු එකෙකි. එදා දැනුනු හිරිකිතය ගූ මුට්ටියක් නෑවාටත් වැඩිය. හොද වෙලාවට ඒ කාලයේ කොවිඩ් කියා මගුලක් තිබුණේ නැත. අද කාලයේ වුණානම් නවතින්නේ නිරෝධායනයෙනි.

        මෙම සටහන කියවන සමහර අය අහිංසක බුලත්විට කාරයාටත් කෙළින්ඩ හදනවා කියා හිතන්ඩ ඉඩ ඇත. එහෙත් අහිංසක මිනිසුන්ගේ ජීවිත ඊට වඩා වටිනවාය.රටේ අනාගතය ඊට වඩා වටිනවාය.

      මේ අවස්ථාවේදී හැකි තරම් ආසාධිතයන් අඩුකර ගත යුතුය.අනිත් මිනිසුන් ගැනද හිතිය යුතුය. රෝගින් වැඩිවන විට රෝහල් පිරී ඉතිරි යයි. එවිට සාමාන්‍ය ලෙඩකුට ප්‍රතිකාරයක් ගැනීමට ඇති අවස්ථාවද නැතිවේ. එමෙන්ම අප වෙනුවෙන් ජීවිත පරදුවට තබා දිවා රෑ වෙහෙසෙන සෞක්‍ය කාර්යය මණ්ඩළයේ සියළු දෙනා ග්‍රාම නිලධාරින්, පොලිස් හමුදා නිලධාරින් වැනි කී නොකී සියළු දෙනා ගැනද සිතිය යුතුය. එය අපේ යුතුකමකි.

    නැවතත් කියන්නේ මෙය බුලත්විටටත් කෙළින්ඩ හදන ප්‍රයත්නයක් නොවන බවය. බුලත්විට හදන මනුෂ්‍යයාගෙනුත් බුලත්විට කන මනුෂ්‍යයාගෙනුත් ඉතා කාරුණිකව, ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එම කටයුත්ත සෞඛ්‍ය වත්පිළිවෙත් අනුව කරන ලෙසය. මෙහි භාවිතා කර ඇත්තේ අසංවර භාෂාවක් බව සිතන්ඩ එපාය. කාටත් තේරෙන්ඩ මෙව්වා ලිවිය යුතුය. මහප්පරාන්න අවශ්‍ය නැත. බුලත් කන්නේත් විකුණන්නේත් හදන්නේත් අපේ වුන්ය. ලෙන්ගතු කමින් උන් ඇමතුවට උන් තරහ වේන්නේ නැති බව හෙට ඉරපායන ලෙසටම විශ්වාෂය. නැවත හමුවෙමු ආයුබෝ වේවා! නිරෝගිවේවා ! නිදුක් වෙත්වා ! ජය වේවා!



No comments:

Post a Comment

බැංකු පොලියට අරියාදුවක්.....

  ඔන්න තවත් මරාලයක් පාත්වෙලා. බැංකුවෙ තියෙන තැන්පත් වලට ලැබෙන පොලියෙන් සියයට දහයක් රදවා ගැනීම් බද්ද කපනවලු. හැබැයි තමාගේ මාසික ආදායම රුපියල්...