අද කථාව ෂර්පයන් ගැනය. අප සර්පයන් දුටුවේ
නැතත් රට පුරාම ෂර්පයන්ය. විෂඝෝර සර්පයන්ය. ෂර්පයන් සැම විටම දෂ්ඨ කරන්නේ නැත. හැබැයි
දෂ්ඨ කළොත්නම් සොරිම තමාය. ෂර්පයන් අතර විවිධ ෂර්පයන් ඇත. සාම්ප්‍රදායික ෂර්පයන්
හැරුණු විට අලුත් අලුත් ෂර්පයන් දක්නට ඇතත් උන්ෂර්පයන් බව බොහෝ විට හිතන්නේ නැත.
මේ සීනි කිරිල්ලක් ගැන කථාවකි. අනුන්ගේ සීනි
කිරන්න යන්න එපා කිව්වාට සීනි කිරන හැටි බලන් ඉන්න එපායැයි කවුරුත් කියා නැත. සිරිලක
ප්‍රසිද්ධ සුපර් මාකට් එකකි. වෙළද සේවකයන් ප්‍රමාණවත්ව නැත. එක්තරා පොරක් සීනි
කිරයි. බෑග් එකකට සීනි දමා තමාට අවශ්‍ය ප්‍රමාණය ලැබෙන තුරු බෑගයට අත දමමින් ටිකින්
ටික සීනි අයින් කර සීනි ඇති පෙට්ටියට දමයි. ඔබ ගෙදර ගෙනයන්නේ මේකා අත දදා අයින් කළ
සීනිය. කවුරුත් හිතන්නේ සුපර් මාකට් වල ඇත්තේ ඉතා සුපිරිසිදු සීනි බවය.
ඒ සුපර් මාකට් වල සීනි කිරන හැටිය. මේ ගමේ
කඩේ සීනි කිරන හැටිය. සීනි කිරන්නේ මුදලාලිගේ නෝනාය ග්‍රොසරි බෑග් එක වහුන්
අරින්නේ කටින් පිබලාය. මුදලාලි නෝනලාගේ
කටටද නිවනක් නැත. කටේ ශබ්ධය වගේම නිතර කටගැස්මක්ද ඕනෑය.ලුණු පොලිකට්ටේ හෝ ඇගිල්ල
දමා කටේ දමා ගන්නේ මේ වගේ අයය. එතුමිය සීනි කිරයි. කඩේට ආ මිනිසුන් සමග කියවමින්
වල් පල් ශබ්ධ නගා කථා කරයි. මුව වැස්මක් නැත. තරාදියේ ඇති සීනි බෑග් එකයි කටයි අතර
දුර අඩියකට ටිකක් වැඩිය. සීනි කිරන අතර වාචාල කථාවෙන් නොනැවතී අර සීනි බෑග් එකටම
අත දමා සිනි ටිකක් තටේද දමා ගත්තාය. සීනි
ගත්ත මනුෂ්‍යයා ගෙදර ගෙනයන්නේ මුදලාලි නෝනාගේ කෙළත් සමගය. කාන්තාවකගේ කෙළ සමහරුන්ට
අපුල නැතත් කෙළ සමග එන කොවිඩ් ෂර්පයාට අපුල විපුල කමක් නැත.
දිනක් සුපර් මාකට් එකකට ගොස් බඩු දමා ගැනීමට
ට්‍රොලියක් ගත්තෙමි. ටොලිය ලබාගැනීමට පෙර ආරක්ෂක නිලධාරියා විසින් කිසියම් දියරයක්
යන්තමින් හැඩලයට ඉසී. නිකම්ම දෙනවාට වඩා ඒකත් හොදය. ඒහෙත් ටොලිය තුළ සිටි
ෂර්පයා කිසිවෙක් දුටුවේ නැත.ඒ පාවිචිචි කළ
මුව වැස්මකි. එතන සිටි ප්‍රධානියෙක් යැයි කිවහැකි කෙනෙකුට මේ බව කිව්වෙමි. ඔහු
විසින් මාක්ස් එක අතට ගෙන එම ටොලිය කිසිදු විෂබීජ හරණයක් නොකර භාවිතාවට එක් කලේය.
මම බලා සිටියෙමි. කාන්තාවක් එම ටොලිය ගෙන බිස්කට් යෝගට් ආදිය පටවා ගත්තාය. නෝනා
ගැනත් එයාගේ ගෙදර අය ගැනත් දුක හිතුනාට කරන්න දෙයක් නැත. මට පසුව සිතුනේ විශාල
වගකීමක් පැහැර හැරි බවයි.
දැන් වෙළදම් කරන වැඩි දෙනෙක් මාක්ස් දමන්නේ
නැත.පාමසි වල සමහර නෝනලාද එහෙමය. කවුරි හරි ඒගැන මතක් කළොත් කටින් නොව ඇස් වලින්ම
මරා දමා හමාරය. ඒ මනුෂ්‍යයා ගිය පසු එතන සිටින අනෙකුත් අය සමග එකතු වී මාක්ස් එකක්
නැති බව මතක් කළ මිනිහාගේ පතුරු අරී. බොහෝ කඩවල පාන් ආදිය තබන්නේ කවුන්ටරය උඩය.කඩේ
උන්ගේ කෙළත් කඩේට එන වුන්ගේ කෙළත් පාන් වලය. බුලත් විටක් ඉල්ලුවත් පොඩි එකෙක්
ටොපියක් ඉල්ලුවත් අර දෙනෝදාහක් අතපත ගාන කවුන්ටරය උඩටම දමයි. මුන්ට අනුව දැන්
කොරෝනා ගානක් නැති බව කියයි.එහේත් දිනපතා කොරෝනාවට යටවන මුදල් කන්දරාව ගැන හෝ
ඒසදහා දිවි නොතකා මහන්සි වෙන කාර්යය මණ්ඩල ගැන හෝ කොරෝනාවෙන් ආදායම් මාර්ග,රැකියා
අහිමිව ජීවත් වෙන්නට මගක් නැති මිනිසුන් ගැන හෝ මුන්ට වගේ වගක් නැත.
කඩයකට ගොස්, කලින් ආපු මනුෂ්‍යාට බඩ ගන්න
ඉඩදී දුරස්ථභාවයද ආරක්ෂා කරමින් රැදී සිටියෝත් පස්සේ එන එකෙක් ඉස්සරහට පැන බඩු ලබා
ගන්නේ මහා වීරකමක් කළ හැටියටය. ඒ අපේ සමහරක්ගේ හැටිය.කථා කළොත් කෙළගන්ඩ සිදුවන
එකනම් ටක්කෙටම සුවර්ය.
පාමසි ගැනද වෙනම කථාවක් ඇත. මාක්ස් දමා නැති
නෝනලා එහේන් මෙහෙන් හිටියා වැඩි දෙනෙක් මාක්ස් දමා සිටී. එහේත මාක්ස් එක අතගගා හෝ
මාක්ස් එකට යටින් අතදමා නහය කට පිස දමමින් බෙහෙත් දෙන අයද ඇත.පාමසි වල නෝනලා ලස්සන
වුනාට වැඩ ලස්සන නැත. මෙහෙම ලියන්නේ පසුගිය දිනක පුද්ගලික පාමසියකදී සහ සුපර්
මාකට් පාමසියකදී අත්දුටු දේය. කොවිඩ ෂර්පයාට නෝනා ලස්සනද සුන්දරද යන්න ගැන තැකීමක්
නැත.
මෙතෙක් ලිව්වේ එක එකාගේ මස්තබාදු ගැන ගුණ දොස්ය. ඒකත් නැන්දම්මා ලේලි හබය වගේය. ඉවරවෙන දිනක් නැත. ඒ කෙසේ වෙතත් සෞඛ්‍ය වත්පිලිවෙත් අනුව ඉතා සැලකිල්ලෙන් තම කටයුත්ත ඉටු කරන වෙළද මහත්වරු සහ නෝනලා නැතිවාම නොවේ. අතලොස්සක් පමණ වූ ඒ අයට හිස නමා ආචාර කරමි. අනිත් වුන්ටනම් කළ යුත්තේ කුමක්ද යන්න සිතා ගැනීමටවත් බැරිය.ඒ ඔබට බාරය.
අපි කවදා හෝ කොවිඩ් ජය ගන්නෙමු. ඒ ජයග්රහණයන් පමා වන්නේද මෙවැනි අමනයන් නිසාය.
No comments:
Post a Comment