ඉහළම මට්ටමේ සිට පහළම මට්ටම දක්වා සෞක්‍ය බලධාරින් සහ
සේවක කාරකාදින් මෙම වසංගත අවස්ථාවේදී කරනු ලබන සේවය කිසි සේත්ම සුළු කොට තැකිය
නොහැක. මෙම අවස්ථාවේදී සමාජයේ බහුතරයකගේ කැමැත්ත වන්නේත්, බහුතරයකගේ පැතුම
වන්නේත්, කිසිදු පුද්ගලයෙකු ආසාධිතයෙකු නොවේවා යන්නයි. රෝගීන් වැඩිවීම මත රෝගි තත්වයන් උත්සන්න වීම මත
අපමණ වෙහෙසක් ගන්නේත් අපමණ දුක්ඛ දෝමනස්සයන්ට භාජන වන්නේත් තම ජීවිත අවධානමට ලක්කර
ගන්නේත් සෞඛ සේවකයන්ය. එසේ වුවත් එතුමන්ලාගේ අවධානයට යොමු නොවූ එසේත් නොමැතිනම් අවධානයක්
යොමකර නොමැති කරුණු කීපයක් ගැන අවධානය යොමුකිරීම මෙම සටහනේ අරමුණයි.
යම් නිවසක අයෙකු ආසාධිතයෙකු බවට සැක පහළ වූ විට බොහෝ අවස්ථාවලදී ලබාගන්නා ඇන්ටිජන් හෝ පීසීආර් පර්ක්ෂණ මගින් ආසාධිතයෙකු බවට තහවුරු වේ. වත්මන් රෝගය පැතිරීමේ ප්රවනතාව අනුව එම නිවසේ අනෙක් අයටද දින දෙක තුනකට පසු රෝග ලක්ෂණ පහළ වේ. සත්‍ය වශයෙන්ම ඔවුන් ආසාධිතයන් බවට පත්වී ඇත. සෞඛ්‍ය නිලධාරින් මේ අවස්ථාව වන විට පවසන්නේ ආසාධිත බව තහවුරු කර ගැනීම සදහා ඇන්ටිජන් හෝ පීසීආර් පරික්ෂණයක් කළ යුතු බවත්, ඒ සදහා සෞක්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ වෙනත් තෝරාගත් ස්ථානයකට පැමිණෙන ලෙසත්ය. දැන් මෙම රෝගින් ඒ සදහා යා යුතුය.එහෙත් පර්ක්ෂණ ස්ථානය පවතින්නේ නිවසට කිලෝ මීටර් කීපයක් දුරිනි.
ලංකාව වැනි රටක සෑම නිවසකම වාහන නැති අතර බොහෝ අය ගමන් කරන්නේ ත්‍රීරෝද රථ වලනි. වාහන නොමැති එවැනි පුද්ගලයින් තම නිවසේ සාමාජිකයන්ද සමග අදාල ස්ථානයට යාමට සහ ඒමට බොහෝ විට භාවිතා කරන්නේ කුලි ත්‍රිවිල් රථයකි. දැන් මෙම රථයේ ගමන් කරන ආසාධිතයන් මගින් ත්‍රිවීල් මල්ලිලා මගින් හෝ එම රථයේ ඊටපසු ගමන් කරන අයට හෝ රෝගය බෝ වීමේ අගය බොහෝ ඉහළ මට්ටමක පවතී. ඔය ඇන්ටිජන් හෝ පීසීආර් ගැනීමට යන හැටිය.
අදාල ස්ථානයට ගියපසු එම ස්ථානයේ ඇති වෙන්නේ තවත් දෙයකි. බොහෝ විට උදේ හත අට පමණ වනවිට කැදවන ලද ජනතාව ඒ ස්ථානයට පැමිණේ බොහේ විට බලධාරින් පැමිණෙන්නේ නමයට දහයට පමණය මේ වනවිට දිගු පෝලිමක් සෑදී අවසන්ය. දැන් මෙතනට පැමිණ ඇත්තේ ආසාධිතයන්ම පමණක් නොවේ. ආසාධිතයන් බවට සැක සහිත බොහෝ පුද්ගලයින්ද පැමිණ ඇත. මේ අවස්ථාව වන විට සමාජ දුරස්ථභාව නැත ඇතැම් අයගේ මුව ආවරණ හරියාකාරව නැත කොටින්ම නාසය කට වැසී නැත. කැටුව විත් ඇති දරුවන් හැමතැනම අතගා තම අත් නාසයේ කටේ රුවා ගනි. හැම දෙනාම වාඩි වෙන්නේ එකම පුටුවේය. සමහරු වතුර බෝතලය කූල් ඩ්‍රින්ක් එක බෙදා හදාගෙන පානය කරයි. විට කන එකා හොදහැටියට විටකින් සප්පායම්වන අතර බුල්ත් කෙළ පහරවල්ද එම ස්ථානවලටම මුදා හරී. මේ අවස්ථාව වන විට ආසාධානය වී නැති සැක සහිත පුද්ගලයින් කී දෙනෙක් මෙම අවස්ථාවට පසු ආසාධනය වුණාද යන්න කිසිවෙක් නොදනී. ඔවුන් බොහෝ විට සමාජයේ සැරිසරණ රෝග වාහකයින්ය. එහෙමත් නැත්නම් රෝගය උත්සන්න වීම නිසා ජීවිත අවධානමට පවා පත්වූවන්ය.
මෙම පරික්ෂණ වලට පැමිණෙන බොහෝ දෙනා පරික්ෂණයත් කරගෙන තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සදහා අසල පවතින වෙළදැසැල්, පාමසි, බැංකු, සහ සුපර් මාකට් වලටද ගොඩ වදී. මෙසේ වන්නේනම් ඇතිවන ප්‍රතිළුලය කුමක්ද යන්න පව සිතාගත නොහැකිය. එබැවින් මෙම රෝගය බෝවීම රෝගය ශීඝ්‍රයෙන් පැතිරයාම වලක්වා ගැනීමේ වගකීම බලධාරින් මෙන්ම මහජනයාද දැරිය යුතුය.
Honda kiyamanak
ReplyDeleteJanathawa
danuwatwiya
Youthui
Youthui