1. සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම (https://staysafe.gov.lk/) යනු කුමක්ද?
සාමන්‍ය ජන ජීවිතය නිදහස්ව පරිස්සමින් හැම දෙනාටම ගත කරන්නට නම් අපි හැම දෙනාටම කෝවිඩ් බෝ වීම නවත්වගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම සාමාන්‍ය විදිහට තමන්ගෙ ව්‍යාපාර ස්ථාන රාජ්‍ය ආයතන ආදිය පවත්වාගෙන යන්නත් අවශ්‍යයි. කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමටත් එය පැතිරෙන මාර්ග අවහිර කිරීමටත් කොවිඩ් 19 වෛරසයට නිරාවරණය වූවන් හඳුනා ගැනීම, ඔවුන්ගේ විස්තර සොයා ගැනීම සහ කළමනාකරණය කිරීමත් ගොඩක් වැදගත් වෙනවා. මේ දේවල් පරිස්සමින් කරන්න තමයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය හා සම්බන්ධිත පාර්ශවයන් හා එක්ව සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම ජනතාව වෙත හඳුන්වා දීල තියෙන්නෙ.
2. සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම රාජ්‍ය ආයතනයන්ට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
- රාජ්‍ය ආයතනයේ කටයුතු හා ලබාදෙන සේවාවන් වඩාත් කාර්යක්ෂමව සහ ආරක්ෂිත ආකාරයෙන් ලබාදීමට හැකිවීම.
- ඔබ සහ ඔබේ ආයතනයේ සේවයේ නියුතු සියළු සේවකයින් වඩාත් සුරක්ෂිත වීම.
- ඔබගේ ආයතනයට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වෙත නිරාවරණය වූ විට ඒ බව දැනුවත් වීම සඳහා.
- තවදුරටත් ආයතනය වෙත පැමිණෙන පුද්ගලයන්ගේ තොරතුරු පොත් පත්වල සටහන් කර ගැනීමට අවශ්‍ය නොවීම.
- ඔබගේ ආයතනයට ඇතුළුවන සෑම පුද්ගලයෙකුගේම විස්තර ඉක්මන්ව නිවැරදිව හා සෞඛ්‍යාරක්ෂිතව ලබා ගැනීමට හැකිවීම.
- QR ස්කෑන් පහසුකම මඟින් ඔබට ප්‍රමාදයකින් තොරව අදාළ පුද්ගලයන් ස්ථානයට ඇතුළුවීමටත් පිටවීමටත් අවස්ථාව සලසා දීමට හැකිවීම.
- සෞඛ්‍ය අංශ සමඟ නිවැරදි තොරතුරු හුවමාරු කර ගැනීමට හැකිවීම සහ රෝග ව්‍යාප්තිවීම වළක්වා ගැනීමට සහයොගය දීමට හැකිවීම.
ඉහත දැක්වේන්නේ සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම හදුන්වා දෙමින් (https://staysafe.gov.lk/) වෙබ් අඩවියේ මුල් පිටුවේ සදහන් දැනුවත් කිරීමයි.
මේ අනුව සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම ඉතාමත් කාලෝචිත වුත් ඵලදායිවුත් වැඩසටහනකි.
මෙම වැඩසටහනේ අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේද? නැත. ප්‍රතිඵලය ධනාත්මක වීමට නම් මහජනතාව ගැවසෙන සෑම ආයතනයක්ම අනිවාර්යයෙන්ම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළ යුතුය. එහේත එසේ වන්නේද නොවේ. මා ජීවත්වන ප්‍රදේශයේ ආයතන 10 කට පමණ ගොස් මේ පිළිබද පුංචි සමීක්ෂනයක් කළේ මෙම වැඩ පිළිවෙල මා සම්බන්ධ ආයතනයකද ක්‍රියාත්මක කළ යුතු බැවිනි.
මෙ සෑම ආයතනයකම කිව් ආර් කේතය සහිත දැන්වීම අලවා ඇතත් මහජනයා ඊට අනුගතව කටයුතු කරන බවක් හෝ ආයතනයේ නිලධාරින් ඒ පිළිබදව අවධානයෙන් පසුවන බවක් හෝ දක්නය නැත. සමික්ෂනයට භාජනය කළ ආයතන අතර ප්‍රදේශයේ ප්රමුඛ මෙන්ම ඉතාමත් වැදගත් රාජ්‍ය ආයතනයක්ද රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකුද සුපිරි වෙළදසැල් කීපයක්ද විය. ඩිස්පැන්සරි වල මෙය කිසිසේත්ම භාවිතාවට ගෙන නොතිබුණි. තත්වය මෙසේනම් එක් ආයතනයක් පමණක් මෙය ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්වන්නේද යන්න ප්‍රශ්නාර්ථයකි.
වෙබ්අඩවියේ සදහන් ඇතැම් දුරකථන අංක අමතා මේ පිළිබදව දන්වා සිටියත් එම නිලධාරින් පවසන ලද්දේ මහජනතාව මෙම වැඩපිළිවෙල භාවිතා නොකරනවාය යන්න ගැන අදහසක් නොමැති බවයි. මේ පිළිබදව දන්වන ලෙස විද්‍යුත් ලිපින කීපයක්ම ලබාදුන් අතර ඒ පිළිබදව ක්‍රියාත්මක නොවීමට මා පොළඹවන ලද්දේ කුමන හේතුවක් මතදැයි මමවත් නොදනිමි.
මෙම වැඩසටහන මහජනතාවගේ අවධානයෙන් බැහැරවී ඇත්තේ ඇයි. විමසා බැලිය යුත්තකි.
- මහජනතාව නිසි පරිදි දැනුවත් නොවිම. ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොමැති වීම හේතු විය හැක.
- ආයතනවලට ඇති ප්රතිලාභ අවම වීම.ඇතැම් ආයතන තම ආයතනය වෙත පැමිණෙන මහජනතාවගේ තොරතුරු ලේඛන ගත කරයි. නම ලිපිනය දුරකථන අංකය රැකියා ස්ථානය ඒ අතර ප්‍රධාන වේ. මෙම තොරතුරු ලබා ගැනීම ගැන මෙතෙක් කිසුවෙකු විසින් විරුද්ධත්වයක් දැක්වූ බවක්ද වාර්තා නොවේ. මෙම තොරතුරු අනුව යම් ප්‍රෙද්ශයක හෝ ආයතනයක කොවිඩ් ධනාත්මක වුවහොත් තමා වෙත පැමිණි පුද්ගලයන් පිළිබදව සොයා බැලීමට එම ආයතනයට හැකි වේ. මෙය අත් දුටුවකි එහෙත් සුවෙන් සිටීමේ කොවිඩ් ට්රෙසරය මගින් එවැනි තොරතුරු අදාල ආයතනයට ලබා ගත නොහැක. ඉහත දක්වා ඇති පරිදි පුද්ගලයා යන එන සෑම තැනකම තොරතුරු කොවිඩ් ට්රේෂරයට ඇතුළත් නොවීම නිසා එම තොරතුරු නිරීක්ෂණය කිරීමට බලය ඇති පුද්ගලයන්ටද නිසි තොරතුරු නොලැබෙන ඇත. එබැවින් අදාල ආයතන ට්රේෂරයට තොරතුරු ඇතුළත් කර ගැනීමට අඩු ප්රවනතාවක් දක්වන අතර සාම්ප්‍රදායක ක්‍රමය අනුව ලේඛනගත තිරීමට වැඩි නැඹුරුවීමක් දක්වයි.
- අවම වශයෙන් තම ආයතනයට පැමිණෙන පුද්ගලයින් පිළිබද තොරතුරුවත් එම ආයතනයේ බලධාරින්ද දැක බලා ගත හැකි විය යුතුය අපට පෙනෙන්නේ මේවා මෙම වැඩපිළිවෙල අසාර්ථක වීමේ පෙරනිමිති ලෙසයි. එහෙත් අදාල බලධාරින් කෙසේ සිතනවාද යන්න අප නොදනිමි.
No comments:
Post a Comment