Thursday, 7 January 2021

Stay Safe COVID Tracer (සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රේෂරය) මරාලයක්ද ?


     ශ්‍රි ලංකා රජය මගින්ද රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හරහා සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රේෂරයබ හදුන්වා ද ඇත. මේ අනුව මෙම පහසුකම ලංකාවේ මහජනයා ගැවසෙන සෑම ආයතනයක් විසින් පිළිපැදිය යුතු බවට ඉල්ලීමක් කර ඇත. සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රේෂරය ඉතාමත් වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස හදුන්වා දිය හැක.

    මෙම පහසුකම භාවිතා කිරීම පිළිබදව නියැදි පරික්ෂාවක් වත්තල ප්‍රෙද්ශය ආශ්‍රිතව සිදු කරනු ලැබූ අතර තවමත් මෙම පහසුකම භාවිතා කරන ආයතන ඇත්තේ අතලොස්සක් පමණි නියදියට භාජන වූ පුද්ගලික ආයතන වල මෙන්ම ඩිස්පැන්සරි වලද මෙම පහසුකම භාවිතා නොකරයි. සමහර මූල්‍ය ආයතන, සුපිරි වෙළදසැල් ආදියේද වත්තල පාදේශීය ලේකම් කාර්යාලයේද මෙම පහසුකම භාවිතා කළත් ඒ සදහා මහජනතාව යොමු කිරීමක් කිසි විටකත් සිදු නොවේ. මෙම ආයතන බොහෝ විට මෙම කිව් ආර් සංකේතය භාවිතා කරන්නේ තමන්ද මෙම පහසුකම භාවිතා කරන බව පෙන්වීමට පමණි.

    මේ අනුව බොහෝ වියදමක් දරා ක්‍රියාත්මක වන මෙම ක්‍රියාවලිය අකර්මණ්‍යභාවයට පත්ව තිබීම කණගාටුවට කාරණාවකි.මෙයට බොහෝ දුරට හේතු වන්නේ මෙම ක්‍රියාවලිය ගැන මහජනතාවත් ආදාල ආයතනවල බලධාරින් සහ සේවක කාරකයනුත් මේ පිළිබදව ඇති දැනුවත් භාවයේ දුප්පත්කම නිසාම බව කිව යුතුය.මෙතරම් වටිනා ක්‍රියා මාර්ගයක් නිශ්ක්‍රිය බවට පත්ව තිබීමද කරුමයකි මෙම පහසුකම ලබා ගැනීම පිළිබද රාජ්‍ය මුල්‍ය ආයතනයකට ගිය එක්තරා කාන්තාවක් තමන්ට මෙම පහසුකම ලබා ගත හැකිදැයි එම ආයතනයේ නිලධාරිණියක විමසූ කල කියා ඇත්තේ හෙට දිනයේ බැංකුවට පැමිණෙන ලෙසයි කොතරම් අවාසනාවක්ද?

    සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රේෂරය පිළිබද සරල පැහැදිලි කිරීමක් සඳහා මෙම සබැදිය මගින් අදාල වීඩියෝව නරඹන්න.http://ity.im/cojsH    

    යම් කිසි ආයතනයකට පැමිණේන පුද්ගලයින් අතරින් කීප දෙනෙකු පමණක් මෙම පහසුකම භාවිතා කිරීම තුළ කිසිදු ප්‍රතිඵලයක් නැත.ලංකාවේ වෙසෙන පුදුගලයින් 99% කට ජංගම දුරකථන පහසුකම් ඇත. එසේ තිබියදී මෙවැනි පහසුකමක් නොසලකා හැරීම බලවත් අපරාධයකි. ඊටත් වඩා බලගතු අපරාධයක් වන්නේ රාජ්‍ය හෝ පුද්ගලික කිසිදු මාධ්‍ය ආයතනයක් විසින් මෙම කටයුත්ත මහජනයා අතරට ගෙනයාමට කටයුතු නොකිරීමයි

    මෙවැන්නක් භාවිතා කිරීමට නිවැරදි මග පෙන්වීමක් කළහොත් මහජනතාව එයට ක්‍රමයෙන් පුරුදුවනු ඇත.යම් ආයතනයකට පැමිණෙන මහජනතාව මෙය භාවිතා කිරීමට යොමු කිරීමට නිලධාරියෙකු යොදවන ලෙස රාජ්‍ය තොරතුරු කාර්යාංශය විසින් දන්වා ඇතත් ඒ අනුව ක්‍රියා කරන ආයතනයක් මෙතෙක් හමු නොවීය.
    
    පහත සදහන් සබැදි මගින්  http://ity.im/coq7s  ඔබට මේ පිළිබද තවත් තොරතුරු සඳහා පිවිසිය හැක. එසේ නැතහොත් මෙම දිගුව භාවිතා කරන්න https://staysafe.gov.lk/.. 

    සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රේෂරය තවත් මරාලයක් බවට පත්වීමට ඉඩ නොදී රැක ගැනීම ශ්‍රි ලාංකික ජනතාවගේ මෙන්ම අදාල බලධාරින්ගේද මාධ්‍ය ආයතනවලද වගකීම විය යුතුය ආයුබෝවනන් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

බැංකු පොලියට අරියාදුවක්.....

  ඔන්න තවත් මරාලයක් පාත්වෙලා. බැංකුවෙ තියෙන තැන්පත් වලට ලැබෙන පොලියෙන් සියයට දහයක් රදවා ගැනීම් බද්ද කපනවලු. හැබැයි තමාගේ මාසික ආදායම රුපියල්...