......................... මහත්මිය රාගම රෝහලේදි ............... දින අභවප්ප්රාප්ත වේ. රෝගියෙකු මියගිය පසු ඥාතින් විසින් කළ යුතු පළමු කාර්යය ව්න්නේ මියගිය නෑදැයාගේ අවසන් කටයුතු ගරු කටයුතු ලෙස ඉටු කිරීමයි. මේ සඳහා වැලිසර කනත්තේ ආදාහනාගාරයේ ඉඩ පහසුකම් ලබා ගත යුතුය. මරණකරුගේ සහෝදරයා මියගිය දිනට පසුදින මහබාගේ පිහිටි වත්තල ප්‍රාදේශීය සභා කාර්යාලයට යන්නේ තම සහෝදරියගේ අවසන් කටයතු සඳහා ආදාහනාගාරය ලබා ගැනීමටය. එහෙත් අවශ්‍ය ලියකියවිලි මොනවාද යන්න පිළිබඳ ඔහුට අදහසක් නැත. ප්‍රාදේශීය සභා කාර්යාලයේ සුළු සේවක මහතෙකු විසින් පවසා ඇත්තේ මරණ සහතිකය ලබාගෙන එන ලෙසයි ඔහුගේ දැනුම අනුව ඔහු විසින් රෙජිස්ට්‍රාර් වරිය ඉන්නා ඉසව්වද උදව්වක් ලෙස පවසා ඇත. මෙම සුළු සේවක මහතා ඇත්තටම නිවැරදිය.
දැන් මරණ කරුගේ සහෝදරයා යන්නේ ගල්උඩුපිට ප්‍රදේශයේ මරණ රෙජිස්ට්‍රාර් වරිය වෙතයි. ඇය කිසිදු පැකිලීමක් නැතිව මරණ සහතිකය නිකුත් කරයි. එහෙත් ඇයට රාගම රෝහලේ සිදුවු මරණයක් සඳහා මරණ සහතිකයක් නිකුත් කිරීමේ බලය නැත. ඇයගේ රාජකාරිය වත්තල කොට්ඨාශයේ වන අතර රාගම රෝහල අයත් වන්නේ ජාඇල කොට්ඨාශයටයි. ඇය කිසිදු වග විභාගයකින් තොරව රාගම රෝහලේ සිදුවු මරණය වැලිසර රෝහලේ සිදුවූ ලෙසට මරණ සහතිකය නිකුත් කරයි. ඇය මෙම සහතිකය නිකුත් කලේ ඇත්තටම මරණය ගැන අනුකම්පාවෙන්ද, නොදන්නා කම නිසාද, මනුස්සකම නිසාද, එසේත් නැතිනම් ලැබිය හැකි පුංචි සන්තොසම් මුදල ගැන සිතාද යන්න සිතා ගත නොහැක්කකි..
මරණයේ අවසන් කටයුතු නිමකළ දින මරණ කරුගේ අවසන් කැමති පත්‍රය කරලියට එයි. එහි පොල්මක්කරු වන්නේ ඉහත මරණ සහතිකය ලබා ගැනීමට ගිය මරණ කාරියගේ සහෝදරයායි. දැන් ඔහු විසින් තෙස්තමේන්තු නඩුවක් ගොනු කළ යුතුය. එහෙත් ඔහු වෙත ඇති දෝෂ සහිත මරණ සහතිකය ඊට බාධාවකි. එය නිවැරදි කළ යුතුය. සම්ප්රදායානුකුළව එය දීර්ඝ කටයුත්තකි. ඇත්තටම මෙය නිවැරදි කර දීමට පෙර කී රෙජිස්ට්‍රාර් වරියට සහ ඇය පරිපාලනය වන සහකාර දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වරියට කළ හැකිව තිබුණි. එහෙත් ඔවුන් සමඟ කථා කිරීමටවත් බැරි තරමට ඝනකමය. නැවතී කථා කිරීමක් නැත. කථා කරන්නේ ඇවිදින ගමන්ය. ඇහුම්කන් දීමට පුරුද්දක් නැත. කියාගෙන කියාගෙන යයි.
මෙම තත්වය නිවැරදි කර ගැනීමට විශාල වියදමක් දරමින් කුක්කාටත් මැක්කාකටත් කුක්කාගේ මැක්කාටත් ලොක්කාටත් ලොක්කාගේ බල්ලාටත් බල්ලාගේ මැක්කාටත් යනාදි වශයෙන් වැද නමස්කාර නොකරපු තැනක් නැත ............. ලබා දෙමින් ඉමහත් වෙහෙසක් ද ඉමහත් වියදමක් ද ඉමහත් කාලයක්ද වැය කිරීමට මරණ කරුගේ සොහොයුරාට සහ ඔහුගේ පවුලේ උදවියට සිදුවිය.
මෙවැනි නොසළකා හැරී්ම් තුළ මැරෙණවාට වඩා මරාගෙන මැරෙන එක හොඳය. මරණයක් සිදුවු විට මරණයේ අවසන් කටයුතු වලට පසුව මුහුණ දීමට සිදුවන ක්රීයාවන් ගැන මහජනතාව දැනුවත් කිරීම සහ අදාල බලධාරින්ගේ අවධානය මෙවැනි කාරණා සිදු නොවීමට යොමු කරවීම අපේ අරමුණයි. ලොග් සටහන නිමයි. ආයුබෝවන් .... යමෙකුගේ සිත් පිත් රිදුණානම් ඒ සියළු දෙනාම කමත්වාවාවාවා.............
ඔබේ අදහස් සහ විවෙචන ඔබට සිදුවු මෙවන් අත් දැකීම් අප වෙත යොමු කරන්න. ඒ සඳහා පහත කොමන්ට් කොටුව උපයෝගි කර ගත හැක.
ඔබේ අදහස් සහ විවෙචන ඔබට සිදුවු මෙවන් අත් දැකීම් අප වෙත යොමු කරන්න. ඒ සඳහා පහත කොමන්ට් කොටුව උපයෝගි කර ගත හැක.
No comments:
Post a Comment