නවතම සංඛ්‍යා ලේඛණ අනුව ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ප්‍රජාව
ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාමික
වැටුප සදහා මාස වලට අය කරන මුදල මිලියන 24000 ක් පමණ වේ.
විශ්‍රාමික ප්‍රජාවට මාසිකව ගෙවනු ලබන මෙතරම් විශාල මුදලක් පිළිබඳව ව්‍යපාරික ප්‍රජාවගේ උකුසු ඇස් යොමු වූ අතර ඔවුන් ඉතා සූක්ෂම ලෙස අදාල බලධාරීන්ද අවනත කර ගනිමින් විශ්‍රාමිකයන් නගාසිටුවීමට යයි කියා ණය මුදල් ප්රදානය කිරීම 2014 වර්ෂයේ දී පමණ ආරම්භ කරන ලදී.
විශ්‍රාමිකයන් පිළිබඳ රාජ ආයතන වලින් ලබාගත් තොරතුරු ආශ්රයෙන් නොයෙකුත් වැඩමුළුවට ගෙන්වා ණය මුදල් ලබා ගැනීමට අවනත කරගෙන ඇත. මුල් අවස්ථාවේ දී සියයට දාහතරක පොලී අනුපාතයට ලබාදුන් රුපියල් මිලියනයක සිමාවට යටත් ණය මුදල විශ්‍රාමිකයා අවුරුදු 70 සපිරීමට පෙර අය කර ගත යුතු විය.
නිලධාරියෙකු විශන්නේ ඔහුට වයස අවුරුදු 60 සපිරුණු විට
තවදුරටත් කාර්යක්ෂම සේවාවක් ලබාගත නොහැකිය යන පූර්ව නිගමනය මත පිහිටාය. එහෙත්
අවුරුදු 60 සපිරුණු අයෙකුට ව්‍යයාපාර ආරම්භ කිරීමට ණය ලබාදීම in විරෝධී කටයුත්තකි.
මෙම ණය බොහෝ අවස්ථාවල විශ්‍රාමික විසින් ලබාගෙන ඇත්තේ තම දූ දරුවන්ගේ හෝ ආසන්නතම
ඥාතීන්ගේ ඇවටිල්ල මතය. විශ්‍රාමික අඩකටත් වැඩි වැඩි ප්‍රමාණයක් ණය වාරික වශයෙන්
ගෙවීමට සිදුවී ඇති අතර අද ඔවුන් පත්ව ඇත්තේ කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකටය.
විශ්‍රාම වැටුපෙන් ඉතුරු වන සොච්චමි මුදල ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවීම නිසා අද ඔවුන් ඇතැමෙක් පුද්ගලික ආරක්ෂක සේවාවන්, පිරිසිදු කිරීමේ සේවාවන්, සහ උපස්ථායකසේවාවන් වල නිරතවෙමින් ඉතාමත් දුක්ඛිත ලෙස ජීවත් වේ. ඇත්තෙන්ම එක් වැඩිහිටි නිවාස වල ද සරණ පතා ඇත.
මෙලෙස ණය මුදල් ලබාගත් විශ්‍රාමිකයන් වෙත අත්තනෝමතික ලෙස බැංකු විසින් පවරනු ලබන පීඩනයන් පිළිබඳව ඉදිරි සටහන්වලින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර මෙම සටහන පෙර වදනක් ලෙස සැලකෙන මෙන් ඉල්ලමි.
ඊළඟ සටහනින් කොවිඩ් සඳහා දුන් ණය සහනය; බැංකු කරුවන් විසින් සහනයක් නොව අසහනයක් බවට පත්කර විශ්‍රාමිකයන් ගසාකන ආකාරය ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට අදහස් කරමි
මේ සම්බන්ධව ඔබේ අදහස් උදහස් යෝජනා ඇතොත් දන්වන්න.
No comments:
Post a Comment