Saturday, 16 January 2021

සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම (https://staysafe.gov.lk/) සාර්ථකද ????



 1. සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම (https://staysafe.gov.lk/) යනු කුමක්ද? සාමන්‍ය ජන ජීවිතය නිදහස්ව පරිස්සමින් හැම දෙනාටම ගත කරන්නට නම් අපි හැම දෙනාටම කෝවිඩ් බෝ වීම නවත්වගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම සාමාන්‍ය විදිහට තමන්ගෙ ව්‍යාපාර ස්ථාන රාජ්‍ය ආයතන ආදිය පවත්වාගෙන යන්නත් අවශ්‍යයි. කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමටත් එය පැතිරෙන මාර්ග අවහිර කිරීමටත් කොවිඩ් 19 වෛරසයට නිරාවරණය වූවන් හඳුනා ගැනීම, ඔවුන්ගේ විස්තර සොයා ගැනීම සහ කළමනාකරණය කිරීමත් ගොඩක් වැදගත් වෙනවා. මේ දේවල් පරිස්සමින් කරන්න තමයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය හා සම්බන්ධිත පාර්ශවයන් හා එක්ව සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම ජනතාව වෙත හඳුන්වා දීල තියෙන්නෙ. 

2. සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම රාජ්‍ය ආයතනයන්ට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? 
  • රාජ්‍ය ආයතනයේ කටයුතු හා ලබාදෙන සේවාවන් වඩාත් කාර්‍යක්ෂමව සහ ආරක්ෂිත ආකාරයෙන් ලබාදීමට හැකිවීම. 
  • ඔබ සහ ඔබේ ආයතනයේ සේවයේ නියුතු සියළු සේවකයින් වඩාත් සුරක්ෂිත වීම. 
  • ඔබගේ ආයතනයට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වෙත නිරාවරණය වූ විට ඒ බව දැනුවත් වීම සඳහා. 
  • තවදුරටත් ආයතනය වෙත පැමිණෙන පුද්ගලයන්ගේ තොරතුරු පොත් පත්වල සටහන් කර ගැනීමට අවශ්‍ය නොවීම. 
  • ඔබගේ ආයතනයට ඇතුළුවන සෑම පුද්ගලයෙකුගේම විස්තර ඉක්මන්ව නිවැරදිව හා සෞඛ්‍යාරක්ෂිතව ලබා ගැනීමට හැකිවීම. 
  • QR ස්කෑන් පහසුකම මඟින් ඔබට ප්‍රමාදයකින් තොරව අදාළ පුද්ගලයන් ස්ථානයට ඇතුළුවීමටත් පිටවීමටත් අවස්ථාව සලසා දීමට හැකිවීම. 
  • සෞඛ්‍ය අංශ සමඟ නිවැරදි තොරතුරු හුවමාරු කර ගැනීමට හැකිවීම සහ රෝග ව්‍යාප්තිවීම වළක්වා ගැනීමට සහයොගය දීමට හැකිවීම. 

ඉහත දැක්වේන්නේ සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම හදුන්වා දෙමින් (https://staysafe.gov.lk/) වෙබ් අඩවියේ මුල් පිටුවේ සදහන් දැනුවත් කිරීමයි. මේ අනුව සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් ඩිජිටල් විසඳුම ඉතාමත් කාලෝචිත වුත් ඵලදායිවුත් වැඩසටහනකි. මෙම වැඩසටහනේ අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේද? නැත. ප්‍රතිඵලය ධනාත්මක වීමට නම් මහජනතාව ගැවසෙන සෑම ආයතනයක්ම අනිවාර්යයෙන්ම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළ යුතුය. එහේත එසේ වන්නේද නොවේ. මා ජීවත්වන ප්‍රදේශයේ ආයතන 10 කට පමණ ගොස් මේ පිළිබද පුංචි සමීක්ෂනයක් කළේ මෙම වැඩ පිළිවෙල මා සම්බන්ධ ආයතනයකද ක්‍රියාත්මක කළ යුතු බැවිනි. මෙ සෑම ආයතනයකම කිව් ආර් කේතය සහිත දැන්වීම අලවා ඇතත් මහජනයා ඊට අනුගතව කටයුතු කරන බවක් හෝ ආයතනයේ නිලධාරින් ඒ පිළිබදව අවධානයෙන් පසුවන බවක් හෝ දක්නය නැත. සමික්ෂනයට භාජනය කළ ආයතන අතර ප්‍රදේශයේ ප්‍රමුඛ මෙන්ම ඉතාමත් වැදගත් රාජ්‍ය ආයතනයක්ද රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකුද සුපිරි වෙළදසැල් කීපයක්ද විය. ඩිස්පැන්සරි වල මෙය කිසිසේත්ම භාවිතාවට ගෙන නොතිබුණි. තත්වය මෙසේනම් එක් ආයතනයක් පමණක් මෙය ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්වන්නේද යන්න ප්‍රශ්නාර්ථයකි. වෙබ්අඩවියේ සදහන් ඇතැම් දුරකථන අංක අමතා මේ පිළිබදව දන්වා සිටියත් එම නිලධාරින් පවසන ලද්දේ මහජනතාව මෙම වැඩපිළිවෙල භාවිතා නොකරනවාය යන්න ගැන අදහසක් නොමැති බවයි. මේ පිළිබදව දන්වන ලෙස විද්‍යුත් ලිපින කීපයක්ම ලබාදුන් අතර ඒ පිළිබදව ක්‍රියාත්මක නොවීමට මා පොළඹවන ලද්දේ කුමන හේතුවක් මතදැයි මමවත් නොදනිමි. 

මෙම වැඩසටහන මහජනතාවගේ අවධානයෙන් බැහැරවී ඇත්තේ ඇයි. විමසා බැලිය යුත්තකි.  
  • මහජනතාව නිසි පරිදි දැනුවත් නොවිම. ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොමැති වීම හේතු විය හැක. 
  • ආයතනවලට ඇති ප්‍රතිලාභ අවම වීම.ඇතැම් ආයතන තම ආයතනය වෙත පැමිණෙන මහජනතාවගේ තොරතුරු ලේඛන ගත කරයි. නම ලිපිනය දුරකථන අංකය රැකියා ස්ථානය ඒ අතර ප්‍රධාන වේ. මෙම තොරතුරු ලබා ගැනීම ගැන මෙතෙක් කිසුවෙකු විසින් විරුද්ධත්වයක් දැක්වූ බවක්ද වාර්තා නොවේ. මෙම තොරතුරු අනුව යම් ප්‍රෙද්ශයක හෝ ආයතනයක කොවිඩ් ධනාත්මක වුවහොත් තමා වෙත පැමිණි පුද්ගලයන් පිළිබදව සොයා බැලීමට එම ආයතනයට හැකි වේ. මෙය අත් දුටුවකි එහෙත් සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රෙසරය මගින් එවැනි තොරතුරු අදාල ආයතනයට ලබා ගත නොහැක. ඉහත දක්වා ඇති පරිදි පුද්ගලයා යන එන සෑම තැනකම තොරතුරු කොවිඩ් ට්‍රේෂරයට ඇතුළත් නොවීම නිසා එම තොරතුරු නිරීක්ෂණය කිරීමට බලය ඇති පුද්ගලයන්ටද නිසි තොරතුරු නොලැබෙන ඇත. එබැවින් අදාල ආයතන ට්‍රේෂරයට තොරතුරු ඇතුළත් කර ගැනීමට අඩු ප්‍රවනතාවක් දක්වන අතර සාම්ප්‍රදායක ක්‍රමය අනුව ලේඛනගත තිරීමට වැඩි නැඹුරුවීමක් දක්වයි. 
  • අවම වශයෙන් තම ආයතනයට පැමිණෙන පුද්ගලයින් පිළිබද තොරතුරුවත් එම ආයතනයේ බලධාරින්ද දැක බලා ගත හැකි විය යුතුය අපට පෙනෙන්නේ මේවා මෙම වැඩපිළිවෙල අසාර්ථක වීමේ පෙරනිමිති ලෙසයි. එහෙත් අදාල බලධාරින් කෙසේ සිතනවාද යන්න අප නොදනිමි. 
මහජන මුදල් වැයකර ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක ප්‍රායෝගික අඩුපාඩු පෙන්වා දීම මහජනතාවගේ යුතුකමකි. මෙම කරුණු ගැන අදාල බලධාරින්ගේ අවධානය යොමු වෙත්වා. නූගත් අපගැන උරණ නොවෙත්වා!. ආයුබෝ වේවා! නවතිමි

Thursday, 7 January 2021

Stay Safe COVID Tracer (සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රේෂරය) මරාලයක්ද ?


     ශ්‍රි ලංකා රජය මගින්ද රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හරහා සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රේෂරයබ හදුන්වා ද ඇත. මේ අනුව මෙම පහසුකම ලංකාවේ මහජනයා ගැවසෙන සෑම ආයතනයක් විසින් පිළිපැදිය යුතු බවට ඉල්ලීමක් කර ඇත. සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රේෂරය ඉතාමත් වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස හදුන්වා දිය හැක.

    මෙම පහසුකම භාවිතා කිරීම පිළිබදව නියැදි පරික්ෂාවක් වත්තල ප්‍රෙද්ශය ආශ්‍රිතව සිදු කරනු ලැබූ අතර තවමත් මෙම පහසුකම භාවිතා කරන ආයතන ඇත්තේ අතලොස්සක් පමණි නියදියට භාජන වූ පුද්ගලික ආයතන වල මෙන්ම ඩිස්පැන්සරි වලද මෙම පහසුකම භාවිතා නොකරයි. සමහර මූල්‍ය ආයතන, සුපිරි වෙළදසැල් ආදියේද වත්තල පාදේශීය ලේකම් කාර්යාලයේද මෙම පහසුකම භාවිතා කළත් ඒ සදහා මහජනතාව යොමු කිරීමක් කිසි විටකත් සිදු නොවේ. මෙම ආයතන බොහෝ විට මෙම කිව් ආර් සංකේතය භාවිතා කරන්නේ තමන්ද මෙම පහසුකම භාවිතා කරන බව පෙන්වීමට පමණි.

    මේ අනුව බොහෝ වියදමක් දරා ක්‍රියාත්මක වන මෙම ක්‍රියාවලිය අකර්මණ්‍යභාවයට පත්ව තිබීම කණගාටුවට කාරණාවකි.මෙයට බොහෝ දුරට හේතු වන්නේ මෙම ක්‍රියාවලිය ගැන මහජනතාවත් ආදාල ආයතනවල බලධාරින් සහ සේවක කාරකයනුත් මේ පිළිබදව ඇති දැනුවත් භාවයේ දුප්පත්කම නිසාම බව කිව යුතුය.මෙතරම් වටිනා ක්‍රියා මාර්ගයක් නිශ්ක්‍රිය බවට පත්ව තිබීමද කරුමයකි මෙම පහසුකම ලබා ගැනීම පිළිබද රාජ්‍ය මුල්‍ය ආයතනයකට ගිය එක්තරා කාන්තාවක් තමන්ට මෙම පහසුකම ලබා ගත හැකිදැයි එම ආයතනයේ නිලධාරිණියක විමසූ කල කියා ඇත්තේ හෙට දිනයේ බැංකුවට පැමිණෙන ලෙසයි කොතරම් අවාසනාවක්ද?

    සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රේෂරය පිළිබද සරල පැහැදිලි කිරීමක් සඳහා මෙම සබැදිය මගින් අදාල වීඩියෝව නරඹන්න.http://ity.im/cojsH    

    යම් කිසි ආයතනයකට පැමිණේන පුද්ගලයින් අතරින් කීප දෙනෙකු පමණක් මෙම පහසුකම භාවිතා කිරීම තුළ කිසිදු ප්‍රතිඵලයක් නැත.ලංකාවේ වෙසෙන පුදුගලයින් 99% කට ජංගම දුරකථන පහසුකම් ඇත. එසේ තිබියදී මෙවැනි පහසුකමක් නොසලකා හැරීම බලවත් අපරාධයකි. ඊටත් වඩා බලගතු අපරාධයක් වන්නේ රාජ්‍ය හෝ පුද්ගලික කිසිදු මාධ්‍ය ආයතනයක් විසින් මෙම කටයුත්ත මහජනයා අතරට ගෙනයාමට කටයුතු නොකිරීමයි

    මෙවැන්නක් භාවිතා කිරීමට නිවැරදි මග පෙන්වීමක් කළහොත් මහජනතාව එයට ක්‍රමයෙන් පුරුදුවනු ඇත.යම් ආයතනයකට පැමිණෙන මහජනතාව මෙය භාවිතා කිරීමට යොමු කිරීමට නිලධාරියෙකු යොදවන ලෙස රාජ්‍ය තොරතුරු කාර්යාංශය විසින් දන්වා ඇතත් ඒ අනුව ක්‍රියා කරන ආයතනයක් මෙතෙක් හමු නොවීය.
    
    පහත සදහන් සබැදි මගින්  http://ity.im/coq7s  ඔබට මේ පිළිබද තවත් තොරතුරු සඳහා පිවිසිය හැක. එසේ නැතහොත් මෙම දිගුව භාවිතා කරන්න https://staysafe.gov.lk/.. 

    සුවෙන් සිටීමේ කොවිඩ් ට්‍රේෂරය තවත් මරාලයක් බවට පත්වීමට ඉඩ නොදී රැක ගැනීම ශ්‍රි ලාංකික ජනතාවගේ මෙන්ම අදාල බලධාරින්ගේද මාධ්‍ය ආයතනවලද වගකීම විය යුතුය ආයුබෝවනන් නැවත හමුවෙමු.

බැංකු පොලියට අරියාදුවක්.....

  ඔන්න තවත් මරාලයක් පාත්වෙලා. බැංකුවෙ තියෙන තැන්පත් වලට ලැබෙන පොලියෙන් සියයට දහයක් රදවා ගැනීම් බද්ද කපනවලු. හැබැයි තමාගේ මාසික ආදායම රුපියල්...