ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 1990 සුව සැරිය ගිලන්රථ සේවය
ඉතා විශිෂ්ඨ සේවාවක් ශ්‍රි ලාංකික ජනතාව වෙත සපයනු ලබයි. මෙම සේවාව දැනට ක්‍රියාත්මක
වන්නේ ආසන්නතම රජයේ රෝහල සදහා යාමට පමණි. බොහෝ අවස්ථාවල රෝගියා සායනික රෝගියෙකුනම්
ප්‍රතිකාර ගෙන ඇත්තේ වෙනත් රජයේ රෝහලකින් හෝ පෞද්ගලික රෝහලකින් විය හැක. එවැනි අවස්ථාවල ආසන්නම රෝහල ලෙස සළකා වෙනත් රෝහලකට
රෝගියා ගෙන ගියහොත් ප්‍රතිකාර ලබා දීමේ යම් ව්‍යාකුල තත්වයක් ඇති විය හැක.
තවද රෝගියෙකුට ඇති පෙර අත්දැකීම් අනුව ආසන්නම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට ඔහු බිය විය හැක.මෙවැනි අවස්ථාවලදි රෝගියාට යම් අසාධාරණයක් සිදුවිය හැක.මෙවැනි තත්වයන් පිළිබද නිසි බලධාරින්ගේ අවධානය යොමුකර රෝගියා කැමති රජයේ හෝ පුද්ගලික රෝහලක් වෙත යාමට පහසුකම් සැලසෙන පරිදි මෙම සේවාව වැඩි දියුණු කරන්නේනම් එය වඩාත් ප්‍රශස්ථ සේවාවක් බවට පත්වනු ඇත.
ඉහත පරිදි රෝගියා කැමති රෝහලකට ගෙන යාමේදී ගමන්කරන දුර ප්‍රමාණය සදහා කිලෝ මීටරයට යම්කිසි මුදලක් අය කිරීම පිළිබද එසේ මනාපය ළුලකරන රෝගියාගේ භාර කරුවන් කිසිසේත් විරුද්ධ නොවනවා පමණක් නොව එය රජයට කිසියම් ආදායම් මාර්ගයක්ද විය හැක.