දැන දැන් මිණිය ගෙදරට ගෙන එන්නට බොහෝඅය මැලිකම්ක් දක්වති. දිවිය පුරාම කඩෙන් කාපු උන්ට මල් ශාලාවල පාලර් රසදුනකි. ඇත්තටම මළගෙදරක් පවත්වා ගම කනවාට වඩා මෙය ඉතා හොද දෙයකි.එහෙත් මල් ශාලා හිමියන් මේවාට අයකරන මුදල අද කාලයේ හැටියට දුප්පතෙකට ඔරෝත්තු දෙන්නේ නැත. එනිසා අමාරුවෙන් හරි අසල්වාසින් හිතවතුන් එකතු කරගෙන අවමංගල සමිතියේ හට් දෙක තුනකුයි පුටු ටිකකුයි ගෙනල්ලා 12.10 සාලයේ හෝ මිණිය තබා මළගේ කරති.දැන් ගමේ හතර වර්ගයම මෙතනය. කාඩ් සෙල්ලම එළිවෙන යාමයට අහිංසක සතෙකු පිට පටවයි. සීල් අරක්කු බෝතලෙයෙන් පටන් ගන්නා මළ පාටිය පොලිසියේ භාෂාවෙන් කියනවා නම් UDS (නීති විරෝධි ආශෘත සාරය) වලින් අවසන් වේ. දැන්මිණිය ගැන වගේ වගක් නැත. කොවිඩ් මල්ලීට මේම ස්ථාන සුරියවැව ක්රිකට් පිටියටත් වඩා අගනා ස්ථානයකි.
මළගේ අයිතිකාරයා දැන් ඉවරටම ඉවරය.
ඒකා නොමැරී මැරිලාය. ගෙදර අනිකුත් උන්දැලෑටත් එහෙමය. ලෙඩරෝග වැනි සියළු දහදුරාවල් මේ අසරණ මිනිස්සුන්වත් මරාගෙන හෝ නොමරා කන්නට දතකට මදිමින් සිටී. ගෙදර ඇහැට කණට පෙනෙන එකියක් දෙන්නෙක් සිටියානම් ගමේ කොල්ලො කුරුට්ටෝ හදදවසේ දානයට පස්සේත් නිදි මැරීමට එති. එහෙමත් නැත්නම් ගෙදරම සොහොන් පිටියක් මෙන් පාළුවට ගොස්ය.ඒ පාළුවද ඉවසිය නොහැකි මුසල පාළුවකි.
පූර්විකාව මෙයින් නිමයි.ඊලග ජවනිකාව මේ සියළු මරාලයන්ට සැළකියයුතු සහනයක් ලැබෙන පුංචි යෝජනාවකි. මේවා කොවිඩ් කාලයේ සිත්වල ඇතිවන මනස්ගාතවල්යැයි සිතා කුණු කූඩයට දැමිය යුතු දේවල් ද නොවේ. එමෙන්ම රියාත්මක කළ නොහැකි මහ ලොකු දේවල්ද නොවේ එකම වරද අපවැනි ඔලමොට්ටලයන්ගේ සිත්වල මේවැනි සිතුවිළි පහළ වීමයි
ඒ කෙසේද යත්.......
සූසාන භූමිවල කොටසක් වෙන්කර අවමංගල උත්සව හතරක් පහක් කළ හැකි චිත්තාකර්ෂණීය ගොඩනැගිල්ලක් ඉදිකළ යුතුය. මෙම ගොඩනැගිල්ලට වෙන් කරන භුමිය සිත්ගන්නා උද්යානාලංකාරයෙන් නිමකර නිරතුරුවම නඩත්තු කළ යුතුය. අවමංගල උත්සව සඳහා සාධාරණ මුදලක් අයකළ යුතු අතර දුප්පතුන්සඳහා සහන පැකේජයක් ක්රියාත්මක කළ යුතුය. මෙහි පාලනය අදාල පළාත්පාලන අධිකාරියට පැවරිය යුතුය.
ප්රතිලාභ
- අවම වියදමකින් අවමංගල කටයුතු කළ හැකි වීම.
- පරිසරය දූෂණය නොවීම.
- අවමංගල උත්සව තරග කාරි බවින් තොරවීම.
- රැකියා අවස්ථා කීපයක් නිර්මාණය වීම.
- සූසාන භූමිය චිත්තාකර්ශනීය ස්ථානයක් බවට පත්වීම.